You are here:: Home
 
 

2012 රජයට එරෙහි විරෝධතා වසරක්

රජයට විරෝධය පල කිරීමේ වසරක් ලෙස 2012 වසර නම් කර ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතා ව්‍යාපාරයක් ගොඩ නඟන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. දැනට විදෙස් ගතව සිටින එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේ නැවත මෙරටට පැමිණීමත් සමඟ මෙම සටන ආරම්භ කරන බවද එම පක්‍ෂය කියා සිටී. රටේ සියළු අකටයුතුකම් ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවද දැනුවත් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය සහ සාමය නැවත තහවුරු කිරීමේ සටනක් පියවර ගන්නා බවද එජාපය සඳහන් කරයි.