You are here:: Latest News දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට උපහාරයක් වශයෙන්, ඔහුගේ සහෝදරයෙක් චන්ද්‍රසේකරම් කුමුතන් මහතාට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක්
 
 

දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට උපහාරයක් වශයෙන්, ඔහුගේ සහෝදරයෙක් චන්ද්‍රසේකරම් කුමුතන් මහතාට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක්

AddThis Social Bookmark Button

police pm Heපසුගිය වසරේ නොවැම්බර් 30 දින වව්නතිව් පොලිස් ඝාතන සිද්ධියේදි දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට උපහාරයක් වශයෙන්, ඔහුගේ සහෝදරයෙක් චන්ද්‍රසේකරම් කුමුතන් මහතාට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සිදුකරනු ලැබූ අතර, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අවස්ථාවට සහභාගි වූහ.

වව්නතිව් පොලිස් වසමේ රාජකාරියේ යෙදී සිටියදී ඇතිවූ ඝාතන සිද්ධියේදී වව්නතිව් පොලීසියේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් සහ පොලිස් කොස්තාපල් වල්පිටගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න යන පොලිස් නිලධාරින් දෙදෙනා පසුගියදා ජිවිතක්ෂයට පත්වූහ.

කල්මුණ, 1 ඒ, සර්වෝදය පාරේ පදිංචිව සිටි අලගරත්නම් ගනේෂ් මහතා පොලිස් සේවයට එක්වි වසර 6 කි. අවිවාහක පොලිස් නිලධාරියෙකු වූ ඒ මහතාගේ අභාවයෙන් ඇතිවූ ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම පිණිස ඔහුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වන චන්ද්‍රසේකරම් කුමුතන් මහතා වෙත මෙසේ ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථාවක් හිමිවී තිබේ.