ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් රට පුරා දියත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. "අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරය" ලෙස නම් කොට තිබෙන ආණ්‌ඩු විරෝධී මෙම වැඩසටහන ඉදිරි සති තුන ඇතුළත ආරම්භ කරන බව එම පක්‍ෂය පැවැසීය.
මේ යටතේ උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර හා විරෝධතා රැලි රටපුරා පැවැත්වීමටත් ඒ සඳහා අනෙකුත් දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන ඒකාබද්ධ කර ගැනීමට ද එම පක්‍ෂය තීරණය කර තිබේ.මෙම වැඩපිළිවෙළ සම්බන්ධව එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා හා නගර සභාවල විපක්‍ෂ නායකවරු කණ්‌ඩායම් නායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මෙම මස 9, 10, 11 කොළඹදී පැවැත්වීමට එජාපය සැලසුම් කර ඇත.එජාපයෙන් පුළුල් ජනතා ව්‍යාපාරයක්
ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් රට පුරා දියත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. "අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරය" ලෙස නම් කොට තිබෙන ආණ්‌ඩු විරෝධී මෙම වැඩසටහන ඉදිරි සති තුන ඇතුළත ආරම්භ කරන බව එම පක්‍ෂය පැවැසීය.
මේ යටතේ උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර හා විරෝධතා රැලි රටපුරා පැවැත්වීමටත් ඒ සඳහා අනෙකුත් දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන ඒකාබද්ධ කර ගැනීමට ද එම පක්‍ෂය තීරණය කර තිබේ.මෙම වැඩපිළිවෙළ සම්බන්ධව එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා හා නගර සභාවල විපක්‍ෂ නායකවරු කණ්‌ඩායම් නායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මෙම මස 9, 10, 11 කොළඹදී පැවැත්වීමට එජාපය සැලසුම් කර ඇත.