සැබෑ නිදහස් ශ්‍රී ලංකාවක අවශ්‍යතාව පවතී- එජාපOpposition Leader Ranil Wickremesinghe yesterday assured the commitment of his party to preserve freedom for the people in all aspects. In his Independence Day Message, Mr. Wickremesinghe said the freedom which the people are entitled to is being restricted today through various means.
This he said was contrary to what late D.S. Senanayake the architect of independence of the country stood for. He said the late leader stood for people’s freedom from poverty, unemployment, ignorance and illness. He said his party would strive towards ensuring these aspects of freedom for the people of this country.
සෑම අංශයකින්ම ජනතාවට නිදහස ලබා දෙනු වෙනුවට ජනතාවට විවිධාකාර බැමි හා සීමාවලින් සිර කරලීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බැවින් අද සැබෑ නිදහස් ශ්‍රී ලංකාවක අවශ්‍යතාව වැඩියෙන් දැනෙන්නේ යෑයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිදහස් දින පණිවුඩයෙන් දැක්‌වේ.
එහි මෙසේද සඳහන්ය.
දේශයට නිදහස ලබා දීමේ ක්‍රියාවලියට නායකත්වය ලබා දුන්නේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයයි. රටට නිදහස උදා කර දුන් පක්‍ෂය ලෙස, ලැබූ නිදහස ආරක්‍ෂා කර ගැනීමේ හා නිදහස් ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටවල් අතරට ඔසවා තැබීමේ වගකීම අප පක්‍ෂය වෙත පැවරී තිබේ.
මීට වසර 64 කට පෙරාතුව රටට නිදහස උදා කර දෙමින් අප පක්‍ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පංච විධ නිදහසක් පිළිබඳව කරුණු ගෙනහැර දැක්‌වූවෙමු. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනතාවට ජීවත්වීමේ නිදහස දුප්පත්කමින් නිදහස, විරැකියාවෙන් නිදහස, නොදැනුවත්කමින් නිදහස සහ රෝගී බවින් නිදහස ඒ පංච විධ නිදහසයි.
කාලය ගෙවීමත් සමගම නිදහසේ තවත් විවිධ පැතිකඩ පිළිබඳ අවශ්‍යතා වර්තමානයේ මතුවී තිබේ. ඒ සියල්ලෙන් සපිරි සැබෑ නිදහස් ශ්‍රී ලංකාවක අවශ්‍යතාව අද වැඩි වැඩියෙන් අපට දැනෙනුයේ සෑම අංශයකින්ම ජනතාවට නිදහස ලබා දෙනු වෙනුවට ජනතාව විවිධාකාර බැමි හා සීමාවලින් සිර කරලීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බැවිනි.
මේ තත්ත්වයෙන් දේශයත්, ජනතාවත් මුදාගෙන, සැබෑ නිදහස රට තුළ යළි ස්‌ථාපිත කරලීමට එක්‌සත් ජාතික පක්‍ෂය කැපවී සිsටින බව මේ නිදහස් දිනයේ අපි සපථ කර සිටින්නෙමු.