You are here:: News Bulletin නව පනතට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමයේත් සහය - රනිල්
 
 

නව පනතට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමයේත් සහය - රනිල්

Ranil_visited_Katunayake_3පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය ගන්නා ක්‍රියාමාර්ගවලට අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමය පූර්ණ සහයෝගය ලබාදීමට එකඟ වූවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීතයේදී පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට ක්‍රියා නොකළා නම් මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ශක්‌තිමත් මට්‌ටමකට පැමිණ තිබෙන බව ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමය ප්‍රකාශ කළ බවද ඒ මහතා පැවැසීය.

අන්තර් ජාතික ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සම්මේලනයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස්‌ ඊයේ (17 වැනිදා) දිවයිනට පැමිණි වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපළේ දී මාධ්‍යවේදීන් අමතා මේ බව සඳහන් කළේය.

හදිසි පනතක්‌ මගින් පෞද්ගලික අංශයේ ව්‍යාපාර 37 ක්‌ රජයට පවරා ගැනීම සම්බන්ධව ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමය හා ජාත්‍යන්තර රටවල් කිහිපයක නායකයන් දැනුවත් කිරීමට මෙම සංචාරයේදී තමන්ට හැකිවූ බව හෙතෙම කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මියට අයත් ව්‍යාපාර පවරා ගැනීම පිළිබඳව ඇය ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත්, පොදුරාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තු සංගමයටත්, පැමිණිලි කළ බව වික්‍රමසිංහ මහතා එහිදී අනාවරණය කළේය.

සිංහල ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර පවරාගෙන ඒවා විනාශ කිරීමට රජය පියවරගෙන තිබෙන බවත් ඊට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරියේදී පුළුල් ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් ඒ සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.