You are here:: News Bulletin පෙත්සම අත්සන්කිරීමට විශාල ජනතා උනන්දුවක් -එක්සත් ජාතික පක්‍ෂය
 
 

පෙත්සම අත්සන්කිරීමට විශාල ජනතා උනන්දුවක් -එක්සත් ජාතික පක්‍ෂය

signing_petition_agains_cmc_2හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අත්සන් දස ලක්‍ෂයකින් යුතු මහජන පෙත්සමට අත්සන් ගැනීමේ කටයුතු අප මේ වන විට රට පුරා ආරම්භ කර තිබෙනවා.

ජනතාවගේ ඉල්ලීම පරිදි මේ අත්සන් දස ලක්‍ෂයකින් යුතු මහජන පෙත්සමේ පිටපත් දෙකක් කොළඹ07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල කාර්යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පිහිටුවා තිබෙනවා.

ඒ අනුව කොළඹ විපක්‍ෂනායක කාර්යාලයට සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයට පැමිණ සරත් ෆොන්සේකා මහතාගේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරෙන මේ පෙත්සමට ජනතාවට අත්සන් තැබිය හැකියි. ඊට අමතරව මහනායක හිමිවරුන්ගේ අත්සන් ලබා ගැනීම සඳහා සිකුරාදා (16) මේ මහජන පෙත්සම උන්වහන්සේලාට ඉදිරිපත් කෙරෙන අතර, බදාදා (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊට අත්සන් ගැනීමට නියමිතයි.

එක්සත් ජාතික පක්‍ෂයේ විදේශ සංවිධාන ජාලයට ද මේ පෙත්සම යොමු කෙරෙන අතර දින 90 ක් ඇතුළත දී අත්සන් දස ලක්‍ෂයක් ලබා ගැනීමට අප සියලූ කටයුතු යොදා තිබෙනවා. සිය අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරෙන මේ මහජන පෙත්සම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පූර්ණ අනුමැතිය සහ අනුග්‍රහය ද අපට ලැබී තිබෙනවා.