You are here:: News Center Related News ඉතිහාසයේ පළමු වතාවට සන්නද්ධ හමුදා මැතිවරණ වැඩට යොදා ගත් අපකීර්තිමත් මැතිවරණයක් -එජාපය
 
 

ඉතිහාසයේ පළමු වතාවට සන්නද්ධ හමුදා මැතිවරණ වැඩට යොදා ගත් අපකීර්තිමත් මැතිවරණයක් -එජාපය

AddThis Social Bookmark Button
UNP_new_lgo2ඉතිහාසයේ පළමු වතාවට සන්නද්ධ හමුදාවන් ද මැතිවරණ ක‍්‍රියාකාරකම් සඳහා අපකීර්තිමත් ලෙස යොදාගත්, මැතිවරණ දිනයේ පවා, නොමිලේ බඩු භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ රාජ්‍ය උත්සව ඡුන්ද පොළවල් අසල සංවිධානය කළ මේ මැතිවරණය කිසි ලෙසකින් හෝ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සේ නම් කළ නොහැකි යයි එක්සත් ජාතික පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි..

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

සීමිත බල ප‍්‍රදේශයන් ගණනාවකට ආණ්ඩුවේ උපරිම බලපෑම යෙදවීමේ අරමුණින් පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ තවත් කොටසක් අවසන් වී තිබේ.

මැතිවරණය නිවේදනය කළ දිනයේ පටන් ආණ්ඩුවේ යාන්ත‍්‍රණය මුළුමනින්ම පාහේ ඡුන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදවන ලදී. රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් පමණක් නොව සමහර රාජ්‍ය නිලධාරීන් ද හිරිකතයකින් තොරව ඡුන්ද ව්‍යාපාර වැඩ කටයුතු වලට යොදවා ගැණින. ඉතිහාසයේ පළමු වතාවට සන්නද්ධ හමුදාවන් ද මැතිවරණ ක‍්‍රියාකාරකම් සඳහා යොදවා ගැණිමේ අපකීර්තිමත් ව්‍යයාමය මේ මැතිවරණයේදී දුටුවෙමු. මැතිවරණ දිනයේ පවා, නොමිලේ බඩු භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ රාජ්‍ය උත්සව ඡුන්ද පොළවල් අසල සංවිධානය කෙරිණ.

එහෙයින් මෙය කිසි ලෙසකින් හෝ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සේ නම් කළ නොහැක

එවන් පසුබිමක වුවද, රටේ ප‍්‍රජාත්නත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම හා වත්මන් ආණ්ඩුවේ ¥ෂණයට විරෝධය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඡුන්ද ප‍්‍රකාශ කළ ඡුන්ද දායකයන්ට අපේ ස්තූතිය පුද කරමු.

ඡුන්ද දායකයන්ගේ මානව හිමිකම් හා අයිතිවාසිකම් පාගා දමමින් රාජ්‍ය යන්ත‍්‍රයේ පීඩනයට ඔවුන්ව ලක් කරමින්, තම තමන්ගේ සාක්කු තර කර ගනිමින් රට විනාශය කරා ඇදගෙන යන ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයට එරෙහිව සියළු ජනහිතකාමී බලවේග එ්කරාශී කර ගැනීමට ද අප කටයුතු කරන්නෙමු