
Fonseka’s case will be taken to the UN - Ranil
සරත් ෆොන්සේකාට අද අත්ව ඇති ඉරණම කිසිසේත් අනුමත කළ නොහැක- එජාප
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සඳහා අත්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ ව්‍යාපාරය අද කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. එහිදී පළමුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට අත්සන් තැබූ අතර අනතුරුව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය ඇතුළු පිරිසක් ඊට අත්සන් කරනු ලැබීය.
මීට සමගාමීව සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා වෙබ් අඩවියක් ද ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු අතින් මෙහිදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජෙනරල් සරත් ෆොන්සේකා මෙරට දේශපාලන සිරකරුවන්ගේ සහ අසාධාරණත්වයේ සංකේතයක් වන බව කියා සිටියේය. සරත් ෆොන්සේකා මහතාට අද අත්ව ඇති ඉරණම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් රට තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් එය ජාත්‍යන්තරය තුළින් හෝ ඉටුකර ගැනීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායකවරයා මෙහිදී පැවසීය.